මැහුම් පන්තිය - 01

කොටස් 10කින් යුතු සායක් නිර්මාණය කිරීම

මැහුම් ගෙතුම් ගැන මුකුත් නොදන්න අපේ ගෑණු ළමයින් ගෙදරදිම සායක් මහගන්න විදිය කියල දෙන්නයි යන්නේ..

මේ දේවල් අවශ්ය වෙනවා


වගේම ඔබේ මිම්ම
මිමි ගන්න විදිය හුගාක් අය දන්නව නේ.නොදන්න අයට ඉදිරියේදි කියලා දෙන්නම් වෙනම පෝස්ට් එකකින්.. අද මේ ලියල දෙන්න සාය නිර්මාණය කිරීම සදහා අවශය වන්නේ ඔබේ ඉන සහ සාය උස පමණයි.

ඉන 30
සාය උස 21

ඔබ නිර්මාණය කරන්නේ කොටස් 10කින් යුතු සායක් නිසා ඔබේ ඉන අගය 10න් බෙදා මැහුම් වාසි සඳහා අගල් 1ක් එකතු කරන්න.

සාය උස 21, එයටද මැහුම් වාසි අගල් 1 1/2 ක් එකතු කරන්න.



ඔබේ කඩදාසියේ ඉහල වම කෙලවර A ලෙස සටහන් කර A සිට අගල් 1ක් දකුණු පැත්තට B ලකුණු  කරන්න.එතැන් සිට ඉන බෙදා ආ අගය අගල් 4  C ලෙස ලකුණු කරන්න .



ඉහල ABC රේඛාවේ සිට පහලට සාය උස 22 1/2 ලකුණු කර ට සමාන්තරව DE රේඛාව නිර්මණය කරන්න.



 දැන්  BD හා CE යා කරන්න.

BDEC රේඛා දිගේ කපා වෙන් කර රෙදි මත තබා මෙයින් කොටස් 10ක් කපාගන්න.





මෙහින් කුඩාවට ඇති ඉන සිට පහල කොටස් 5ක් එකට තියමින් මසාගන්න,



කොටස් බැගින් මසා ඇති කොටස් දෙක  ද එකට තබා මසා ගත් යුතු අතර එහි එක් පැත්තක ඉහල සිට අගල් 6ක් පහළට තබා  මසා එයට ශිපරයක් අල්වා ගන්න.






ශිපරය ඇල්වීමෙන් පසුව අනෙක් පසද මසා, සාය ඉන කොටසට අගල් 2ක් පමන පටියක් තබා මසා ඉන සම්පූරණ කරගත යුතු අතර සාය ප හල වාටිය ද  සිහින්ව නමා  මසා ගන්න.



 නිවරිදිව මසා නිමකිරීමෙන් පසුව,



පැහදිලි වෙන්න ඇති කියලා හිතෙනවා.නොතේරුන තැනක් තියනව නම් අහන්න.


9 comments:

  1. නියමයි අනේ.මමත් ගොඩක් ආසයි මේවගේ මහන්න.පොඩි බබාලගෙ ඇදුම් ගැනත් ලියන්නකො.

    ReplyDelete
  2. පොඩි බබෙක් ට ඇදුමක් මහමු ඊ ලඟ පාඩමෙන් .ස්තුතියි කොමෙන්ටුවට

    ReplyDelete
  3. පබලු මේ නිර්මාණ හරිම ලස්සනයි. ඔයා හරි පැහැදිලිව මේව මහන හැටි හැටි කියාදීල තියෙනවා. මාත් ඉස්සර මං මහපු ඒව දාල බ්ලොග් එකක් හැදුවා. ඒත් මට මේ වගේ ක්‍රමානුකූලව කරන්න බැරිවුණා. මේක නියමයි. ඔයාට හොඳ නිර්මාණ හැකියාවක් තියෙනවා. මට අර බෙඩ්ශීට්ස් සේරම කන්න හිතෙනවා :-D ඒවා හරිම ලස්සනයි. මාත් මැහුම් වලට හරිම ආසයි. මං පුළුවන් හැම වෙලාවෙම ඔයාට කමෙන්ට් කරනවා :-)

    ReplyDelete
  4. නියමයි. කාගෙ වුණත් අර දෑතත් හරිම ලස්සනයි :-D
    මට කියන්න පබලු මේ සාය මහන්න ගත්තු රෙදි වර්ගය මොකක්ද කියලා.
    අපි ඒක කඩෙන් ඉල්ලන්නෝනි කොහොමද?
    ඔයා මේ සාය අඩුපාඩුවක් නැතුව මහලා.
    තව දෙයක් දැනගන්නෝනි. ඔයා මේ සායේ සිපරය අල්ලද්දි සාමාන්‍ය සිපර් ෆුට් එකක්මද මැෂින් එකට දාල තියෙන්නේ. ඔයා හරි දක්ෂ ලෙස ඒක මහලා. මටනම් පිස්සු හැදෙන්නේ සිපරයක් අල්ලන්න ගියාමයි :-D

    ReplyDelete
  5. මැහුම් පංතියට මං ගෝලයාවත් බඳවා ගන්නවද ටීචර්? මට තියෙනවා ගොඩක් ජාති ඉගෙන ගන්න.............. :)

    ReplyDelete
  6. @මගේ ජීවිතය
    අදහසට ස්තුතියි.මහන විදිය කියල දෙන්න ගියාම ඒවයේ කොටසින් කොටස පින්තූර ගන්න ගියාම තමයි වැඩේ එපා වෙන්නේ.ඒ වුනත් හිමින් පුලු පුලුවන් විදියට මේක ඉස්සරහටම කරගෙන යන්න තමයි අදහස,මේ වගේ කමෙන්ට් ශක්තියක් .

    මේ සාය මහන්න ගත්තේ නම් මස්ලින් කියන රෙදි වර්ගය.ඔයා කැමති ඕනම රෙදි වර්ගයක් ගන්න පුලුවන්.සිල්ක් වගේ රෙදි වලින් මහන එක නම් ටිකක් අපහසුයි.

    ශිපරය අල්ලන්න ශිපර් ෆුට් එක මාරු කරගත්තම පහසුයි.ඒත් මම මේ ශිපරය අල්ලුවේ නම් සාමන්‍ය මහන ෆූට් එකෙන්.
    ඉස්සරහට පැහදිලිව දාන්නම් ශිපය අල්ලගන්න පහසුම විදිය ගැන.
    හරියට මිම්මට රෙදි කපාගත්තම අදු පාඩුවක් වෙන්නේ නැ

    ආ තව එකක්.අර අත මගේ :පි

    ReplyDelete
  7. @රන්දි අක්කා

    ඔය ගෝලයව බදවගෙන තියෙන්නේ නොකියම :ඩී

    ReplyDelete
  8. මේවා මහලා ඉතින් අපි අඳින්නයෑ :P ඕවා අඳින්න පුලුවන් එක්කෙනෙක් හොයා ගත්තු දවසට දෙන්න බුක්මාක් එක්ක දාල තියා ගන්න ඕන.. ;) නියමයි අක්කා!

    ReplyDelete
  9. ෂෝයි මැහුම් පාඩම...මම දිගටම එනවා:)

    ReplyDelete